තවත් රෝහල් 10කට PCR පරීක්ෂණ සඳහා අනුමැතිය

PCR පරීක්ෂණ කිරීමට තවත් රෝහල් 10කට අනුමැතිය ලබා දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පවසනවා
මේ වන විට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම සඳහා අළුතින් රජයේ රෝහල් 05කට සහ පෞද්ගලික රෝහල් 05කට අවසර ලබා දී තිබෙනවා
දැනට දිනකට PCR පරීක්ෂණ 13,000- 14,000 අතර ප්‍රමාණයක් සිදුකිරීමේ හැකියාව පවතින අතර ඉදිරියේදී එය 20,000 සීමාවට ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා
748 Views
Comments