තවත් පොලිස් ස්ථාන දෙකක් වැසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

තවත් පොලිස් ස්ථාන දෙකක් වැසේ

තවත් පොලිස් ස්ථාන දෙකක් වැසේ

මිල්ලනිය සහ මොරන්තුඩුව පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් එම පොලිස් ස්ථාන දෙක තාවකාලිකව වසා ස්ථානාධිපතිවරුන් දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් 50 ආසන්න ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කළ බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය.

 

කොස්තාපල්වරුන් දෙදෙනාම පානදුර බුද්ධි කොට්ඨාසයට අනුක්ත ව සේවය කරන අතර මීට දින තුනකට පෙර සිදුකළ පි සි ආර් පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදිත වී ඇති බවට ඊයේ රාත්‍රි ලද වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වී තිබූ බව පොලිස් අධිකාරිවරයා පැවසීය.

 

මීට දින කිහිපයකට පෙරද පානදුර බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හා සැරයන්වරයකු ට කොරෝනා වෛරසය ආසාධිත වී තිබිණි ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ ආශ්‍රිතයන් සොයා මීට දින තුනකට පෙර පොලිස් නිලධාරීන් 49 දෙනෙකු පි සි ආර් පරීක්ෂණ වලට භාජනය කළහ .

 

එමගින් ලද ප්‍රතිඵලවලින් කොස්තාපල්වරුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

 

views

528 Views

Comments

arrow-up