මහර බන්ධනාගාරයේ බොහෝ දේපළ විනාශ කරලා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මහර බන්ධනාගාරයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයත් සමග රැඳවියන් විසින් එහි තිබූ බොහෝ දේපළ විනාශ කර ඇති බවත් රැඳවියන් විසින් තවදුරටත් යම් යම් ක්‍රියා සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
“බන්ධනාගාර නිලධාරීන් සමග බහින්බස්වීමක් ඇති කර ගෙන, ඔවුන් දෙදෙනෙක්, මට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දුන් ආකාරයට, මේ රැඳවියන්ගේ භාරයට ගෙන තිබෙනවා.
බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවට අමතරව තවත් ගේට්ටු ගණනාවක් තියෙනවා.
ඒ ගේට්ටු බිඳගෙන ඉදිරියට ඇවිත් තියෙනවා පිටව යෑමට. මේ අවස්ථාවේ දී බලය පාවිච්චි කරලා තියෙනවා.
ඔවුන්ගේ භාරයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මුදාගෙන තිබෙනවා.
දැනට ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවට වාර්තා වෙලා තියෙනවා.
මුලින්ම මේක ඊයේ හවස 5ට ඇති වුණේ. අද උදෑසන වන තෙක් පැය 14ක පමණ කාලයක් ගත වෙලා තියෙනවා.
ඔවුන් ඊයේ රාත්‍රිය පුරාම විවිධාකාරයේ කටයුතු සිදුකර තියෙනවා.
ගිනි තැබීම්, අලාභ කිරීම්, අනර්ථය කිරීම් ආදී කටයුතු සිදුකර තිබෙනවා.“
753 Views
Comments