ආණ්ඩුව දණගස්සන්න “මහසෝනා” සමග උවත් එක්වෙන්න කැමතියි - වෙල්ගම
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
06

ආණ්ඩුව දණගස්සන්න “මහසෝනා” සමග උවත් එක්වෙන්න කැමතියි - වෙල්ගම

ආණ්ඩුව දණගස්සන්න “මහසෝනා” සමග උවත් එක්වෙන්න කැමතියි  - වෙල්ගම

මේ වන විට විකුණා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙදිනක හෝ ගොඩ ගැනීම සඳහා සියලු දෙනාම එකතු වී ඇතැයි කුමාර වෙල්ගම මහතා පවසයි.

 

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව අද(06) නව දේශපාලන පක්ෂයක් ආරම්භ කළ අතර එම අවස්ථාවට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, බණ්ඩාරනායක මහතා විසින් නිර්මාණය කළ පක්ෂය කුමාරතුංග මැතිණිය විසින් රැක දුන් බවත් , 2015 තෙක් පක්ෂය සුරැකුණත් අද වන විට එය වෙනස් වී ගොස් ඇති බවයි.

 

මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් 2015 දී වෙන්ව ගියේ පක්ෂය පවා දුන් නිසා එයට විරෝධය දැක්වීමට යැයි ද පැවසු ඒ මහතා, චන්ද්‍රිකා මැතිණියගේ ආශිර්වාද මැද අද දිනයේ මෙම නව පක්ෂය පිහිටවනු ලැබු බවත් පැවසීය.

 

මැතිවරණයේ දී සියලු දෙනාම එකතු විය යුතු බවත් පැවසු ඒ මහතා, ඒ තුළින් ආණ්ඩුව හෙල්ලීමට අවස්ථාව හිමිවෙන බවත් කියා සිටියේය.

 

ආණ්ඩුව බොහෝ සෙයින් බලවත් යැයි පැවසුවත් පාර්ලිමේන්තුවේ දී එම මතය වෙනස් කළ බවත් පැවසු වෙල්ගම මහතා ඉදිරියේ දී ආණ්ඩුව දණගැස්වීමට “මහසෝනා“ සමඟ එකතු විය යුතු බවත් පැවසීය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැතිවරණයේ දී ඉදිරිපත් වුවහොත් ඡන්ද යම් ප්‍රමාණයක් හිමි වෙනු ඇතැයි ද පැවසු වෙල්ගම මහතා, ශ්‍රීලනිපයේ බොහෝ දෙනෙක් පොහොට්ටුවට ඡන්දය ලබා නොදෙන බවත් කියා සිටියේය.

 

ආණ්ඩුවට රිදවීමට අවශ්‍ය නම් සියලු දෙනා එක්විය යුතු බවත් වෙල්ගම මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

නව ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භක උත්සවය එම පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පිටකෝට්ටේදී සිදුකෙරුණි.

 

පිරිසිදු බණ්ඩාරණායක ප්‍රතිපත්තිය වෙනුවෙන් නව ලංකා නිදහස් පක්ෂ මැයෙන් උත්සවය සංවිධාන කර තිබුණි.

 

එහිදි නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ මහතා විසින් පක්ෂ නායක කුමාර වෙල්ගම මහතාවෙත පිළිගන්වනු ලැබීය.

views

1266 Views

Comments

arrow-up