මිනී මැරුම් කුමන්ත‍්‍රණ චෝදනාවකට රනිල් CID කැදවයි..?

තමන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අගමැති හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ඇති බව රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීම සඳහා ඇති චෝදනාව ගැන නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවද ඔහු සඳහන් කළේය.
අදාළ ඝාතනය කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාගේ හඬපටයකින්ද හෙලි වී ඇති බවත් එය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් පරික්ෂා කර ඇති බවත් ඔහු පැවසීය.
853 Views
Comments