විනිසුරු ගිහාන් අත්අඩංගුවට ගැනීමේ තීරණය ගැන කථානායක නීතිපතිගෙන් කරුණු විමසීමේ සූදානමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
26

විනිසුරු ගිහාන් අත්අඩංගුවට ගැනීමේ තීරණය ගැන කථානායක නීතිපතිගෙන් කරුණු විමසීමේ සූදානමක්

 විනිසුරු  ගිහාන් අත්අඩංගුවට ගැනීමේ තීරණය ගැන කථානායක නීතිපතිගෙන්  කරුණු විමසීමේ සූදානමක්

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබාදීම පිළිබඳව කරුණු විමසීම සඳහා නීතිපති දප්පුල ද ලිවේරා මහතාව කථානායක කරූ ජයසූරිය මහතා හමුවට කැඳවිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ. 

 


රංජන් රාමනායක මහතා සමඟ පැවැත්වූ බව කියන දුරකථන සංවාදයක් හේතුවෙන් අදාළ විනිසුරුවරයාගේ වැඩ තහනම් කර තිබෙන අතර ඔහුව වහාම අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබාදී තිබිණි. 

 


නීතිපතිවරයාගේ මෙම තීරණය මහත් ආන්දෝලනයකට ලක්වූ අතර බොහෝ පාර්ශ්වයන්ගේ විවේචනයට ද භාජනය විය. එහෙයින්ම එම තීරණය මෙතෙක් ක්‍රියාවට නැඟුණේ ද නැත. 

 

views

654 Views

Comments

arrow-up