පෙබරවාරි මැද තෙක් කොළඹ දූවිල්ලෙන් වැසෙයි !
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

පෙබරවාරි මැද තෙක් කොළඹ දූවිල්ලෙන් වැසෙයි !

පෙබරවාරි මැද තෙක් කොළඹ දූවිල්ලෙන් වැසෙයි !

කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යාමේ තත්ත්වය පෙබරවාරි මාසයේ 15 වැනිදා දක්වා පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ත්ව අධ්‍යාපන) සරත් ප්‍රේමසිරි මහතා පවසනවා.

 

කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු සඳහා වායු ගුණ තත්ත්ව දර්ශකය100 ත් 150 ත් අතර අගයක් වරින් වර පෙන්නුම් කරන බව ද ඔහු සඳහන් කළා.

 

වායුගෝලයේ දූවිලි අංශු සඳහා වායු ගුණ තත්ත්ව දර්ශකය ඉහළ යෑම මේ දිනවල ආසියාතික රටවල් රැසකින් වාර්තා වන බවත්, එම තත්ත්වය ශ්‍රී ලංකාවට ද බලපා ඇතැයිද ඔහු පැවසුවා.

 

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග සුළං හමන දිශාව අනුව දූවිලි අංශු සඳහා වායු ගුණ තත්ත්ව දර්ශකය ඉහළ පහළ යන බවද සරත් ප්‍රේමසිරි මහතා කියා සිටියා.

 

දර්ශක අගය ඉහළ යාම සංවේදී පුද්ගලයන්ට යම් හානියක් ඇති කළ හැකි තත්ත්වයක් බවත්, ඇදුම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් මෙම කාල සීමාවේ දී ප්‍රවේශම් වීම වැදගත් බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

views

766 Views

Comments

arrow-up