විනිසුරු ගිහාන් පිලපිටියගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 5ක් ප්‍රශ්ණ කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
20

විනිසුරු ගිහාන් පිලපිටියගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 5ක් ප්‍රශ්ණ කරයි

විනිසුරු ගිහාන් පිලපිටියගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 5ක් ප්‍රශ්ණ කරයි

හිටපු  රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  සමඟ දුරකතනයෙන්   සංවාදයේ යෙදුනු බව කියන  සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඇඹිලිපිටිය මහධිකාරණ විනිසුරු  ගිහාන් පිලපිටිය මහතාගෙන් ඊයේ (19) පැය පහකට පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

 

රන්ජන් රාමනායක මහතා  සමඟ දුරකතනයෙන් සංවාදයේ යෙදුන  බව කියන දැනට සේවයෙන් යෙදී සිටින   විනිසුරුවරුන්ගෙන්  වහාම ප්‍රකාශ  සටහන්  කරගන්නා ලෙසට    නීතිපති    දප්පුලද ලිවේරා මහතා  කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්වරයාට  කර තිබූ  නියෝගයකට අනුව  කොළඹ අපරාධ කොට්ඨාසය විසින්  මෙම ප්‍රකාශ ලබාගෙන තිබුණා.

 

අපරාධ කොට්ඨාසය කළ දැනුම් දීමකට අනුව මහධිකරණ විනිසුරු  ගිහාන්  පිලපිටිය මහතා අද  පෙරවරු 10.00 ට පමණ එහි පෙනී සිට තිබෙනවා.

 

රන්ජන් රාමනායක මහතා  සංවාදයේ යෙදුන බව කියන  විශ්‍රාමික මහධිකරණ විනිසුරු පද්මිණි එන් රණවක හා  දැනට වැඩතහනමට ලක්ව සිටින   බද්දේගම  මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන්ගෙන්  ඉදිරියේ  දී  සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතයි.

 

එම පැමිණිල්ල විභාගය ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

මේ ආකාරයේ පැමිණිල්ලක්  ගිහාන් පිලපිටිය මහතා 2015 වසරේ දී  අධිකරණය සේවා කොමිසම වෙත යොමුකර ඇති අතර  එය එවකට සිටි  පොලිස්පති  එන්.කේ ඉලංගකෝන් මහතා වෙත යොමුකර තිබුණ ද එම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිඳු  පියවරක් ගෙන නොතිබුණ බවද  මහධිකරණ විනිසුරු  ගිහාන් පිලපිටිය මහතා  දෙවන වරට සිදුකළ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

views

1035 Views

Comments

arrow-up