රාජිතට ඇත්තේ කම්පනය හා ආතතියයි - වෛද්‍යවරුන් අධිකරණයට දන්වයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

රාජිතට ඇත්තේ කම්පනය හා ආතතියයි - වෛද්‍යවරුන් අධිකරණයට දන්වයි

රාජිතට ඇත්තේ කම්පනය හා ආතතියයි - වෛද්‍යවරුන් අධිකරණයට දන්වයි

අසනීප වී නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලට ඇතුළත් කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට බරපතළ රෝගී තත්ත්වයක් නැති බව එම රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.

රහස් පොලිසිය වෙත සිය නිගමන ඉදිරිපත් කරමින් රෝහල් වෛද්‍යවරුන් මේ බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

 

හිටපු ඇමතිවරයාගේ රෝගී තත්ත්වයක් ලෙස වෛද්‍යවරුන් සදහන් කර ඇත්තේකම්පනය, අධික රුධිර පීඩනය සහ ආතතිය යන රෝගී තත්ත්වයන්ය.

 

කෙසේ නමුත් මෙම තත්ත්වයන් සාමාන්‍ය තත්ත්වයට පත් වන තුරු ඔහුගෙන් ප්‍රශ්න කිරීම සුදුසු නොවන බවද වෛද්‍යවරු විසින් දන්වා සිටියා.

 

මේ බව රහස් පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

views

720 Views

Comments

arrow-up