විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්..

මූලික පිරිවෙන් අවසන් විභාගය සහ රාජ්‍ය කළමනාකරණ සේවයේ දෙවන පංතියේ නිළධාරින් සඳහා වූ කාර්යක්ෂමතා කඩයිම් යන විභාග සඳහා ප්‍රමාද වී පැමිණෙන සිසුන්ට විභාගයට පෙනී සිටිම අවස්ථාව ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රමාද වී පැමිණෙන සිසුන් සඳහා මෙම අවස්ථාව ලබාදීමට තීරණය කළ බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවා.
එමෙන්ම ප්‍රමාද වන සිසුන්ට විභාගයට පෙනී සිටිම සදහා අමතරකාලයක් ලබාදීමට ද තීරණය කර ඇති බව සදහන්. ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ද සනත් පූජිත මහතා සදහන් කළා.
එම දිස්ත්‍රික්කවලට අමතරව දිවයිනේ කුමන හෝ ප්‍රදේශයක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම විභාග දෙක සඳහා පෙනී සිටිමට ප්‍රමාද වන සිසුන් සඳහා එම සහනය ලබාදෙන ලෙස සම්බන්ධිකරණ නිළධාරින් සහ විභාග ශාලාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් කියා සිටියා.
655 Views
Comments