ස්විස් තානාපති නිලධාරිනිය පැහැරගැනීමේ සිද්ධියේ තොරතුරු සීඅයිඩීයට ලබාදෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

ස්විස් තානාපති නිලධාරිනිය පැහැරගැනීමේ සිද්ධියේ තොරතුරු සීඅයිඩීයට ලබාදෙයි

ස්විස් තානාපති නිලධාරිනිය පැහැරගැනීමේ සිද්ධියේ තොරතුරු සීඅයිඩීයට ලබාදෙයි

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් වෑන් රථයක රඳවාගෙන ඇයට තර්ජනය කිරීමේ සිද්ධියට අදාල තොරතුරු ස්විස් තානාපති කාර්යාලය විසින් ඊයේ  (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

 


එම තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් සීසීටීවී කොට්ඨාසයේ සහය ලබාගෙන විමර්ශන ආරම්භ කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

 


මෙම නිලධාරිනිය පැහැරගත් පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අය බවට තනාපති කාර්යාලයේ නිලධාරිනියට දැනුම් දී ඇතැත් පරීක්ෂණ නොමග යැවීම සඳහා සැකකරුවන් ව්‍යාජ ප්‍රකාශයක් සිදුකර ඇති බවට පවසන පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

views

622 Views

Comments

arrow-up