සුරක්ෂා අහෝසි කරන්නැහැ - ඩලස් අලහප්පෙරුම
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

සුරක්ෂා අහෝසි කරන්නැහැ - ඩලස් අලහප්පෙරුම

සුරක්ෂා අහෝසි කරන්නැහැ - ඩලස් අලහප්පෙරුම

මිලියන 04 කට අධික පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

 

 

සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් හා වගකීමෙන් තොර බවයි අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

 


මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා රක්ෂණය හැඳින්වීමට කිසිවිටෙකත් නොපැකිළෙන බවයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ අත්සනින් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.

 

සුරක්ෂා රක්ෂණය ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ දුර්වලතා සහ අනීතික ක්‍රියාකාරකම් දුරු කොට එම වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වගකීම සිය අමාත්‍යාංශය භාර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

views

647 Views

Comments

arrow-up