උසස් පෙළ - 5 ශිෂ්‍යයත්වය කල් යයි ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
28

උසස් පෙළ - 5 ශිෂ්‍යයත්වය කල් යයි ?

උසස් පෙළ - 5 ශිෂ්‍යයත්වය කල් යයි ?


ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම මුහුණ දී ඇති කොරෝනා වසංගතය යටතේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට සිදු වනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

 

ඒ අනුව අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මාසය දක්වා කල් යනු ඇතැයි ද දැනගන්නට ඇත.

 


විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්විය යුතු විභාග 9ක් මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර ඒ විභාග අතුරින් රාජ්‍ය භාෂා ප්‍රවීනතා විභාගය, දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, පරිපාලන සේවයේ 2වන කඩඉම් පරීක්ෂණ විභාගය හ ශ්‍රී ලංකා මහ බැංකුවට කළමනාකරණ සහායකයින් බඳවා ගැනීමේ තරග විභාගය යන විභාග අපේක්ෂකයන් දහස් ගණනක් පෙනී සිටින විභාගයන් වන හෙයින් එම විභාග සඳහා මාස කිහිපයක් වෙන් කළ යුතු බව ද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 


කෙසේ වෙතත් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධව මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වේ.

 

Sulumina.lk

 

views

767 Views

Comments

arrow-up