කොරෝනා රෝගීන්ට මැලේරියා පෙති දෙන්න අනුමැතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

කොරෝනා රෝගීන්ට මැලේරියා පෙති දෙන්න අනුමැතිය

කොරෝනා රෝගීන්ට මැලේරියා පෙති දෙන්න අනුමැතිය

මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත පුද්ගලයින්ට මැලේරියා රෝගීන්ට ලබා දෙන ඖෂධය ලබා දීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

 

ඒ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය කොරෝනා ආසාදිතයන් සඳහා අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් අනුමත කිරීමත් සමගයි.

 

මේ වන විට ලොව පුරා ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

 

ඒ අනුව අදාළ ඖෂධය මෙරට කොරෝනා ආසාදිතයින්ට ලබාදිම සඳහා නිර්දේශ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුව තීරණය කර තිබෙනවා.

 

මෙම ඖෂධය ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිතයින්ගේ සංකූලතාවල යම් තරමක අඩුවක් පවතින බවයි වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ.

 

මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය IDH රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බරපතල තත්වයේ පසුවන කොරෝනා ආසාදිතයින් දෙදෙනාට ලබාදිම පසුගිය 20 වනදා සිට ආරම්භ කර තිබෙනවා.

 

මේ වන විට ඔවුන්ගෙන් අයෙකු තරමක් සුව අතට පත්වී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

 

මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය තවත් රටවල් කිහිපයක් කෙරෝනා ආසාදිතයින්ට ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවද ප‍්‍රකාශ කළා.

 

හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය, කෙරෝනා ආසාදිතයින්ට කල්පනාකාරීව සහ සීමාවන් සහිතව භාවිත කළ යුතු බවයි මෙහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියා සිටියේ.

 

මැලේරියා රෝගීන්ට ලබා දෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය රෝගී නොවන සාමාන්‍ය පුද්ගලයින් භාවිත කිරීම අතුරු ප‍්‍රතිඵල ගෙනදිය හැකියි.

 

එම ඖෂධය වෛද්‍ය නිර්දේශ මත පමණක් භාවිත කරන ලෙසයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

 

මේ අතර  ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සඳහන් කළේ මෙම ඖෂධය කොරෝනා වෛරසයට ප්‍රතිකාර සඳහා යොදා ගත හැකි බවයි

 

 

 

views

1305 Views

Comments

arrow-up