පැය 24න් නිරෝධායනය අවසන් කල ගුරුවරු 26 දෙනා...
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
01

පැය 24න් නිරෝධායනය අවසන් කල ගුරුවරු 26 දෙනා...

පැය 24න් නිරෝධායනය අවසන් කල ගුරුවරු 26 දෙනා...

ගල්කිස්ස පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත නිරෝධායනයට ලක්කර සිටි රත්මලාන කොතලාවලපුර විදුහලේ ගුරුවරුන් 26 රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් මත පැය විසි හතරකින් නිරෝධායනයෙන් ඉවත් කර තිබෙනවා.

 

ඔවුන්ගේ නිවෙස්වල අළවා තිබූ නිරෝධායන දැන්වීම ද පොලිසිය විසින්ම ඉවත් කර තිබුණා.

 

මෙම ගුරුවරුන් නිරෝධායනයට ලක් කිරීමට හේතු වූයේ එම පාසලේ නැවතී සිටි නාවික සෙබළු හයදෙනකුට කොවිඩ් වයිරසය වැලඳී ඇති බව තහවුරු වූ පසුවත් මෙම ගුරුවරුන් විසි හත්දෙනා වැටුප් ලේඛන අත්සන් කිරීම සඳහා පැමිණ තිබීමයි.

 

විදුහල්පතිවරයා විසින් ඉකුත් 21 වැනිදා ඔවුන් පාසලට කැඳවා තිබුණා.

 

 

එහි සෙබළුන්ට වයිරසය ආසාදනය වූ බව තහවුරුවීමත් සමග පාසලට පැමිණි ගුරුවරුන් ඉකුත් සිකුරාදා (29 වැනිදා) සිට නිවෙස්වලම නිරෝධායනයට ලක්කිරීමට ගල්කිස්ස හා මොරටුව පොලිසිය කටයුතු කර ඇති අතර ඔවුන් වහාම නිරෝධායනයෙන් ඉවත් කරන ලෙස රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පෙරේදා (30 වැනිදා) දැනුම් දී තිබෙනවා.

 

එම පාසලේ ගුරුවරුන් හා මුරකරුගෙන් දුරකථනයෙන් කතා කර වෙන වෙනම ලබාගත් ආවේක්ෂණ තොරතුරු මත කිසිදු ගුරුවරයකුට හා මුරකරුට රෝගය බෝවීමට ඉඩක් නැති බව තහවුරු කර පසු මෙම තීරණය ගත් බව රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයලත් ගුණතිලක සඳහන් කළා.

 

මෙම ගුරුවරුන් පිරිස නිරෝධායනයට ලක් කිරීමට පොලිසිය කටයුතු කර ඇත්තේ සෞඛ්‍ය අංශවල උපදෙස්වලින් තොරව යැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයාට යවා ඇති ලිපියේ සඳහන්.

 

නිරෝධායනයට ලක්කර ඇති ගුරුවරුන් සහ සෙසු අය නිරෝධායනයට ලක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද එහි සඳහන්ව තිබෙනවා.

 

කිසිදු සෙබළකු සමග කතා කිරීමට තබා ගුරුවරුන් පාසලේ දී සෙබළුන් දැක හෝ නැතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසනවා.

views

731 Views

Comments

arrow-up