කොරෝනා වැළඳුනු රෝගීන්ට කවසකි රෝගය වැළඳීමේ හැකියාවක්

කොවිඩ් 19 වෛරසය වැළඳුනු රෝගීන්ට කවසාකි රෝගය වැළඳීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා පවසනවා.
මෙරට තුළද කවසාකි රෝගය දැක ගත හැකි නමුත් ඉන් දැඩි බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බවයි සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙරට වෛද්‍යවරු අවධානයෙන් පසුවන බවයි ඔහු පැවසුවේ.
"කවසකි රෝගී තත්ත්වය මීට කලිනුත් ලංකාවෙත් ඒ වගේම විදේශ රටවලින් වාර්තා වෙලා තිබුණා.
ඒ පිළිබඳව විශේෂ අවධානයකින් සහ හොඳ අවබෝධයකින් අපි දැන් ඉන්නේ.
කොවිඩ් 19 වෛරසය වැළඳුන රෝගීන්ට කවසකි රෝගය වැළඳීමේ හැකියාවක් තියෙනවා කියලා වෛද්‍ය විද්‍යාත්මක මතයක් තියෙනවා. ඒ සඳහා අපේ වෛද්‍යවරු සූදානම්.
ලංකාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය ගත්තහම එය ලංකාවට විශාල අවදානමක් කියලා අපි සලකන්නේ නැහැ. වෙෙද්‍යවරුන් ඒ සඳහාත් අවධානයෙන් සහ අවබෝධයෙන් සිටිනවා."
709 Views
Comments