සීෂෙල්ස් ජාතිකයින්ට ප්‍රමුඛතාවය දෙන්නේ ඇයි?
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
25

සීෂෙල්ස් ජාතිකයින්ට ප්‍රමුඛතාවය දෙන්නේ ඇයි?

සීෂෙල්ස් ජාතිකයින්ට ප්‍රමුඛතාවය දෙන්නේ ඇයි?

ආණ්ඩුව පසු ගියදා සීෂෙල්ස් වැසියන් පිරිසක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් ජනතාවට පිළිතුරු ලබා දිය යුතු බව සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

 

ලොව පුරා විවිධ රටවල් වල ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට පැමිණීමේ බලාපොරොත්තුව ඇතිව දහස් ගණනක් පොරොත්තු ලේඛන වල සිටිය දී, සීෂෙල්ස් රාජ්‍යයේම ශ්‍රී ලාංකිකයින් 300කට ආසන්න පිරිසක් සිටියදී සීෂෙල්ස්හි පිරිසක් මෙරටට ගෙන ඒමට කටයුතු කලේ කුමන පදනමකින්ද බව ආණ්ඩුව පැහැදිලි කලයුතු බව ඒ මහතා පවසයි.

 

සීෂෙල්ස් හි සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව දෙනවා වෙනුවට එම පිරිස ගෙන ඒමට ප්‍රමුඛතාව ලබාදුන්නේ කවුරුන්ද, කුමන පදනම යටතේ ද? එවැනි ඉල්ලීමක් සිදු කළේ කවුරුන්ද සහ ඒ සඳහා අනුමැතිය ලබාදුන්නේ කවුරුන්ද යන වග විදේශ කටයුතු අමාත්‍යාංශය රටේ ජනතාවටත් මෙරටට පැමිණීමට බලාපොරොත්තුව ඇතිව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් පැවසිය යුතු බව ඒ මහතා සඳහන් කළේය.

 

 

පසුගිය සමයේ වරින් වර සීෂෙල්ස් රාජ්‍ය මෙරට දේශපාලන මාතෘකාවක් වූ අවස්ථා කිහිපයක් තිබූ බවත් ඒ අතර ශ්‍රී ලංකා තානාපති සේවාවන් එරට ඇරඹීමට කටයුතු කිරීම, ලංකා බැංකු ශාඛාවක් එරට ආරම්භ කිරීමට කටයුතු කිරීම වැනි දෑ වූ බව මතක් කර දුන්නේය.

 

එමෙන්ම ලංකාවේ දේශපාලනඥයින්ගේ කළු සල්ලි සඟවා තබන, එම මුදල් ආයෝජනය කර ඇති එක් දූපතක් බවට සීෂෙල්ස් දුපත් සැක කරන බවට දිගින් දිගටම චෝදනා පසුගිය සමයේ එල්ල වූ බැවින් මෙලෙස මෙරට වැසියන් දහස් ගණනක් නැවත දිවයිනට පැමිණීමට ඉල්ලුම් කර තිබියදී ඔවුන්ට ප්‍රමුඛත්වය නොදී මේ ආකාරයෙන් රැගෙන ආ පිරිස කවුරුන්ද? ඔවුන්ගේ ඇති වැදගත්කම කුමක්ද? විදේශ කටයුතු අමාත්‍යාංශය රටට හෙළි කලයුතු බව හෙතෙම පැවසීය.

 

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ කළු සල්ලි සඟවා තබන ස්ථානයක් ලෙස සීෂෙල්ස් දූපත් හි ගනුදෙනු සිදුවන ආකාරයෙන් සැක පහළ වන බැවින් එවැනි කළු සල්ලි සඟවා තබා ගන්නා ගජ මිතුරන්ට රැකවරණය දීමේ අරමුණ ඇතිව මෙලෙස එරට පිරිසක් මෙරටට ගෙන ඒමට කටයුතු කිරීමෙන් සැක මතුවන බව ඒ මහතා චෝදනා කළේය.

 

ශ්‍රී ලාංකියන් මෙරටට ගෙන්වීමට පුමුඛතාවය දෙනවා වෙනුවට ෂීසෙල්ස් ජාතිකයන් පිරිසකට ප්‍රමුඛතාවය දීමට තිබූ වැදගත්කම කුමක්ද? ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි..

views

1384 Views

Comments

arrow-up