ශ්‍රීලනිපය පොහොට්ටුව ඉදිරියේ දණ ගසයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
17

ශ්‍රීලනිපය පොහොට්ටුව ඉදිරියේ දණ ගසයි

ශ්‍රීලනිපය පොහොට්ටුව ඉදිරියේ දණ ගසයි

ඉදිරි මහමැතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ තරග වැදීමට සිදුවුව ද ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු ගැටළුවක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි. 

 


ඡන්ද ලකුණ සම්බන්ධයෙන් නව සන්ධානයේ පක්ෂ නායකයින් ගන්නා ඕනෑම තීරණයක් ශ්‍රීලනිපය පිළිගන්නා බවයි ඒ මහතා සඳහන් කළේ. 

 


"ඔව්, ලකුණ පිළිබඳව කිසිම ගැටළුවක් නෑ. පොදු සන්ධානයක් හැදෙනවා, ඒ පොදු සන්ධානයේ පක්ෂ නායකයින් තීරණය කරන ඕනෙම ලකුණක් යටතේ අපි තරග වදිනවා. ඒක පොහොට්ටුවද, පුටුවද, ඒක අදාළ වෙන්නෙ නෑ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

 


එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට සහාය ලබාදීම සඳහා ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බවට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කළ බවත් ඒ මහතා සඳහන් කළේය. 

 

views

1207 Views

Comments

arrow-up