අන්තර්ජාතික වීනස් උළෙලේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

අන්තර්ජාතික වීනස් උළෙලේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු

අන්තර්ජාතික වීනස් උළෙලේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු

පළමුවෙනි හොලිවුඩ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේදී රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු හොදම නළුවාට හිමි සම්මානය හිමිකරගෙන තිබෙනවා.

රටවල් සියයකට අධික සංඛ්‍යාවක කෙටි චිත්‍රපට දහසකට ආසන්න සංඛ්‍යාවක් අතුරිනුයි ඔහු මෙම සම්මානය හිමිකරගෙන තිබෙන්නේ. ඒ චතුර ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘වන් බ්ලඩ්’ කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව වෙනුවෙන්.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටය පිය පුතු සබඳතාවය පිළිබඳ කළ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක එළිදැක්වීමක්.

වන් බ්ලඞ් සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු, චරින්ද්‍ර චන්ද්‍රසේන, චවිරු පෙරේරා රංගනයෙන් ද, සචිත් බුද්ධික මනම්පේරි, විමුක්ති සෝලංගආරච්චි කැමරාකරණයෙන් ද, විමුක්ති සෝලංගආරච්චි සංස්කරණයෙන් ද, හංස ප්‍රනාන්දු සංගීතයෙන් ද, ලක්ෂිත ජයකොඩි අංග රචනයෙන් ද, කසුන් රජීව කලා අධ්‍යක්ෂණයෙන් ද, ඩිනාලි ලියනගේ තේමා ගීත ගායනයෙන් ද, ශෂික අනුෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ප්‍රභාත් අගම්පොඩි නිෂ්පාදන අධීක්ෂණයෙන් ද දායක වනවා.

‘වන් බ්ලඩ්’ පිය පුතු සබදතාව පිළිබද මනෝ විද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක එළිදැක්වීමක් ලෙසයි මෙම චිත්‍රපටය හැදින්වෙන්නේ. එය මීට පෙර ද ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල කිහිපයකම අවසන් වටයේ නිර්මාණ අතරට ද එක්ව තිබුණා.

 

views

843 Views

Comments

arrow-up