රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්

රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්

මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

 

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. 

 

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා (16) ජනාධිපති කාර්යාලයීය වෙබ් අඩවියේ පළ කරනු ලැබේ. 

 

තෝරා ගනු ලැබූ රැකියාලාභීන්ට ලිපි යැවීම සඳුදා (17) ඇරඹේ. 

 

පත්වීම්ලාභීන් සැප්තැම්බර් 01 දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුය.

 

සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නොමැති නම්, ජනාධිපති කාර්යාලයෙන් ඒ පිළිබඳ ව විමසීමට හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

 

තෝරාගත් අඩු ආදායම්ලාභී ලක්ෂය රැකියා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 01දා සිට ක්‍රියාත්මක කරනු ලැබේ.

views

1697 Views

Comments

arrow-up