ඡන්ද වර්ජනය කරන්නැයි උතුරේ ඉල්ලීම්

ජනාධිපතිවරණයේදී ඡන්දය වර්ජනය කරන්නැයි ඉල්ලා උතුරු පළාතේ අත්පත්‍රිකා බෙදීමක් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
දෙමළ ජාතික ජනතා පෙරමුණ නමින් ද තවත් පිරිස් නිර්නාමිකව ද මෙම අත් පත්‍රිකා බෙදා ඇති නමුත් පවතින මැතිවරණ නීතිය යටතේ එය වරදක් නොවන්නේ යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළා. තිරුනල්වේලි, නල්ලූර් හා කෝපායි ඇතුලු ප්‍රදේශ රැසකින් එවැනි සිදුවීම් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි ද ගජනායක මහතා පවසනවා.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් මහතා මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවට ප්‍රකාශ කර ඇතැයි ද තමා එය මුළුමනින්ම හෙලා දකින්නේ යැයි ද උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතා බී.බී.සී ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර තිබිණා.
කිසිදු අපේක්ෂකයකුට සහාය නොදැක්වීම යටතේ සිය මනාපය සලකුණු කිරීමේ ක්‍රමයක් None of the Above' (NOTA) ලෝකයේ ඇතැම් රටවල පවතින අතර ලංකාවේ මැතිවරණ නීතියෙන් එවැනි පහසුකමක් මෙතෙක් සලසා නැහැ.
660 Views
Comments