මහ මැතිවරණය තියන්න පුළුවන්; වියදම සති දෙකෙන් කියන්නම් - මැකෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
07

මහ මැතිවරණය තියන්න පුළුවන්; වියදම සති දෙකෙන් කියන්නම් - මැකෝ

මහ මැතිවරණය තියන්න පුළුවන්; වියදම සති දෙකෙන් කියන්නම් - මැකෝ

පෙරහුරු මැතිවරණයට අනුව නම් මැතිවරණය පැවැත්වීමේ බරපතල ගැටළුවක් නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව මහමැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇති බව අද පැවති ආදර්ශ මැතිවරණයෙන් පෙනී ගිය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා. 

 

ඔහු මේ බව කියා සිටියේ අද (07) අම්බලන්ගොඩ, විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවති පෙරහුරු මැතිවරණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 

ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්ද දායකයන්ගේ දෑත් පිරිසිදු කිරීම සඳහා විෂබීජනාශක දියර යොදා ගැනීමට ද මෙහිදී තීරණය වූ බවත් මහමැතිවරණය පැවැත්වීම ප‍්‍රවේශම්කාරීව සිදු කළ යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

 


 
මෙම පෙරහුරු මැතිවරණයෙන් බලාපොරොත්තු වූයේ දරාගත හැකි සාමාන්‍ය තත්ත්වයක් යටතේ ජන්ද විමසීමක් සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණයකට පැමිණීම සඳහා බව සභාපතිවරයා කියා සිටියි. 

 
"අපි බලාපොරොත්තු වුණේ මොකක්ද මේකෙන්. දරාගත හැකි ආකාරයේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ කොහොමද ජන්ද විමසීමක් පවත්වන්නේ. එකේදී පැයකට කොපමණ ජන්ද ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්ද? අද අපි උදේ 10.00ට පටන් අරගෙන 12.00ට අවසන් කරනකොට ජන්ද 239ක් පාවිච්චි කරලා තිබුණා. බැලුවම දැන් පෙනෙනවා පැය 09ක කාලයේදී අපට සාමාන්‍යයෙන් තනි පෝළිමක ජන්ද 900ක් 1000ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් කියල එක විදිහටම ජන්ද දායකයන්ගේ පැමිණීම තිබුණොත්. නමුත් ලොකුවට සෙනග රැස්වුනොත් මේක පවත්වන්නේ කොහොමද? අනික මේ ජන්ද මධ්‍යස්ථානය සාමාන්‍යයෙන් අපේ පොතේ තියෙන ජන්ද මධ්‍යස්ථානයක්. ඇතුල් වීමට දොරටුවක් තිබෙනවා. පිටවීමට දොරටුවක් තිබෙනවා. හොඳින් වාතාශ්‍රය තිබෙනවා. මීට වඩා කුඩා ස්ථානයක තියන්නේ කොහොමද? එවැනි තත්ත්ව යටතේ මැතිවරණය පැවැත්වීමට ක්‍රියාමාර්ග හදාගැනීම සඳහා තමයි මේ නව ක්‍රමවේද වලට යන්නේ."


 
මේ අතර කුඩා ප්‍රජා ශාලා වැනි තැන්වල ජන්ද විමසීමක් සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන අතර ඉදිරියේදී තවත් ප්‍රදේශ පිළිබඳ සලකා බලා තීරණයක් ගැනීමට සිදුවන බවයි මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ.  


 
"ප්‍රජාතන්ත්‍රවාදය මිලෙන් අධිකයි. ඒක ලාබෙට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජන්දයට යන වියදම අපි හිතන් හිටියේ අපි දන්න විදිහට කිව්වොත් කෝටි 600ක් 650ක් අතර මේක කෝටි 800 වෙයිද 900 වෙයිද කියලා කාටවත් කියන්න බැහැ."


 
ඒ අනුව එකින් එක වියදම ගණනය කිරීම තවත් සති දෙකකින් පමණ කළ හැකි බව මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා.

views

936 Views

Comments

arrow-up