ජාඇල ත්‍රීපෝෂ කම්හල වසා දැමේ

බඩ ඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇති බවට වාර්තා පළ වනවා.
එහි සේවය කළ සේවකයන් 300 කට ආසන්න පිරිස මේ වනවිට කම්හල වසා දමා තිබීම හේතුවෙන් නිවෙස්වල රැදී සිටින බවත් මේ තත්ත්වය සති තුනක් තිස්සේ පවතින බවත් වාර්තා වේ.
මැයි මස මුල් සතියේ බඩඉරිඟු සඳහා පාලන මිලක් නියම කිරීමට රජය පියවර ගත් අතර, එය පැවතියේ කිලෝවක් සඳහා රුපියල් 55ක් ලෙසයි.
එහෙත් ඒ වනවිට ත්‍රිපෝෂ ආයතනය ටෙන්ඩර් කැඳවා මිලදී ගනිමින් තිබුණේ බඩඉරිඟු කිලෝවක් රුපියල් 58 කට බවයි වාර්තාවන්නේ.
මේ හේතුවෙන් සති දෙකක් පමණ තිස්සේ බඩඉරිඟු නොමැතිවීම හේතුවෙන් ති‍්‍රපෝෂ හා සුපෝෂ නිපදවීම මේ වනවිට සම්පූර්ණයෙන් නැවතී ඇති බවත් ඉදිරියේ දී ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට දෙන ත‍්‍රීපෝෂ නවතිනු ඇතැයි ද වෙළද පොලේ සුපෝෂ හිඟයක් ඇතිවනු ඇතැයි ද වාර්තා වෙනවා
ත‍්‍රිපෝෂ ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට නොමිලේ දෙන ආහාරයක් වන අතර සුපෝෂ අතිරේක ආහාරයක් ලෙස වෙළද පොලේ අලෙවියට පොදුවේ අලෙවි කරන්නකි. සුපෝෂ සදහා මේ වනවිට විශාල ඉල්ලූමක් ඇති බවත් ඒ සදහා මසකට රුපියල් මිලියන 75 ක පමණ අලෙවියක් පවතින බවත් හෙතෙම සදහන් කළේය.
ත‍්‍රිපෝෂ කම්හල සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන සමාගමකි.
මේ අතර මෙම තත්ත්වය තුළ ළමා මන්දපෝෂණය වැඩිවීමට සහ ගර්භනී මව්වරුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ගැටළු ඇතිවීමට ඉඩ ඇති බවයි ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමය සඳහන් කළේ.
1076 Views
Comments