කොවිඩ් සමයේ ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවහිර කරලා - මිෂෙල් බැචලෙට්

කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවහිර කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් ප්‍රකාශ කරයි.
වසංගතයට සම්බන්ධ වන නිලධාරීන්ගේ ‘‘සුළු අඩුපාඩු’’ විවේචනය කරන හෝ ඉස්මතු කරන, එසේම ‘‘ව්‍යාජ’’ හෝ ‘‘අවේෂ සහගත’’ පණිවිඩ හුවමාරු කරගන්නා ඕනෑම අයෙකු අත්අඩංගුවට ගන්නා බවට ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා තර්ජනය කර ඇතැයි මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය අප්‍රේල් 25 දින පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් කියා සිටියේ හුදෙක් රාජ්‍ය නිලධාරීන් හෝ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම ව්‍යවස්ථා විරෝධී බවයි.
එම කරුණ ද ඉස්මතු කරන මහ කොමසාරිස්වරිය ෆේස්බුක් පිටුවල පළ කළ අදහස් සම්බන්ධයෙන් මෙලෙස පුද්ගලයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රකාශ කරයි.
-අරුණ-
717 Views
Comments