රෝගී දරුවෙකුට එල්ලවූ අමානුෂීය පොලිස් ප්‍රහාරය (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
05

රෝගී දරුවෙකුට එල්ලවූ අමානුෂීය පොලිස් ප්‍රහාරය (VIDEO)

රෝගී දරුවෙකුට එල්ලවූ අමානුෂීය පොලිස් ප්‍රහාරය (VIDEO)

ඔටිසම් රෝගී තත්ත්වය සදහා ප්‍රතිකාර ලබන 14 හැවිරිද දරුවෙකු හට, දර්ගා නගරයේ මාර්ග බාධකයක රාජකාරී කළ පොලිස් නිළධාරීන් විසින් හිරිහැර කරන දර්ශන ඇතුළත් වීඩියෝවක්, පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබුණි.

 

එම දරුවාගේ පියා විසින්, අදාල දරුවාට පොලිස් නිළධාරීන් සිදු කළ හිරිහැරය සම්බන්ධයෙන් කළුතර, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබෙන අතර, ඒ අනුව, විමර්ෂණ කටයුතු අරඹා ඇති බව මාධ්‍ය වාර්තා පළ වේ.

 

 

දරුවාට හිරිහැර කිරීම සම්බන්ධයෙන්, එම පොලිස් නිළධාරීන්ට එරෙහිව දරුවාගේ පියා, අළුත්ගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දැමීමට ගොස් ඇති අතර, පොලිසිය, පැමිණිල්ල භාර නොගෙන, එම පියාට තර්ජනය කර ඇති බවද පැවසේ.

 

ඔවුන් පවසා ඇත්තේ, ඇදිරිනීතිය කඩකිරීමේ වරදට, අදාල දරුවා දින දාහතරක් සිරගත කිරීමට වුවත් තමන්ට හැකි බවයි.

 

 

 
ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙක්ට පොලීසියෙන් පහර දෙයි

ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙක්ට පොලීසියෙන් පහර දෙයි අලුත්ගම ප්‍රදේශයේදී ඔටිසම් රෝගයෙන් පෙළෙන 14 හැවිරිදි දරුවෙකුට පොලිස් නිලධාරින් සහ සිවිල් පුද්ගලයින් පිරිසක් විසින් පහර දුන් බවට පැවසෙන සිද්ධියේ බවට පැවසෙන CCTV දර්ශන දරුවාගේ පාර්ශවයෙන් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධ කර තිබුණා

Posted by OFF AIR on Thursday, 4 June 2020

 

views

1200 Views

Comments

arrow-up