රටේ ආර්ථිකය ගැන සිතා හිටපු ජනපතිනිය නිල වාහන 04ක් යලි භාර දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

රටේ ආර්ථිකය ගැන සිතා හිටපු ජනපතිනිය නිල වාහන 04ක් යලි භාර දෙයි

රටේ ආර්ථිකය ගැන සිතා හිටපු ජනපතිනිය නිල වාහන 04ක් යලි භාර දෙයි

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් මර්සිඩීස් බෙන්ස් එස් -600 ඇතුළු නිල වාහන 4 ක් ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවේ රජයේ වියදම් අඩු කිරීමට සහ රටේ මූල්‍ය දුෂ්කරතා සමනය කර ගැනීම සඳහා මෙම වාහන ආපසු භාර දෙන බවයි.

 

හිටපු ජනාධිපතිනිය පෙන්වා දුන්නේ ඇයට නිල වාහන 12 ක් ලබාදී තිබු බවයි. ඇයගේ පුද්ගලික හා නිල භාවිතය සඳහා වාහන 09 ක් ද, ආරක්ෂක අංශයට වාහන 03 ක් ද පවරා තිබු බවයි.

 

ආපසු භාරදුන් වාහන අතර නිසාන් පැට්‍රෝල් ජීප් රථයක්, මහේන්ද්‍ර ඩබල් කැබ් රථයක් සහ ටොයොටා ලෑන්ඩ් කෘසර් ජීප් රථයක් ද වේ. ඉදිරියේදී තවත් වාහන 08 ක් නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදෙන බවයි හිටපු ජනාධිපතිවරිය සඳහන් කළේ.

 

 

views

780 Views

Comments

arrow-up