රාජ්‍ය සේවයේ සියලූ විශ‍්‍රාමිකයින්ට අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

රාජ්‍ය සේවයේ සියලූ විශ‍්‍රාමිකයින්ට අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ

රාජ්‍ය සේවයේ සියලූ විශ‍්‍රාමිකයින්ට අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ

රාජ්‍ය සේවයේ නිරතව සිට විශ‍්‍රාම ගිය හය ලක්ෂයක් පමණ වන සියලූම විශ‍්‍රාමිකයින්ට අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ඊයේ (22) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

 


මින් පෙර අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ හිමි වූයේ 2016 ජනවාරි පළමු වැනිදාට පසු විශ‍්‍රාම ගිය රජයේ සේවකයන්ට පමණයි. එසේ ප‍්‍රතිලාභ ලැබූ පිරිස සමස්ත විශ‍්‍රාමිකයන්ගෙන් සියයට 10 ක ප‍්‍රතිශතයක් පමණක් බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

 


එහෙත්, 2016 ජනවාරි පළමු වැනිදාට පෙර විශ‍්‍රාම ගිය හයලක්ෂයක් පමණ පිරිසට අග‍්‍රහාර රක්ෂණයට දායකවීමේ අවස්ථාවක් මෙතෙක් ලැබී තිබුණේ නැහැ.

 


එබැවින් රාජ්‍ය සේවයේ විශ‍්‍රාමිකයින් සඳහා අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීමේදී විෂමතාවක් නිර්මාණය වී ඇතැයි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නිරීක්ෂණය කෙරුණා.

 

බොහෝ විශ‍්‍රාමිකයන්ගේ මාසික විශ‍්‍රාම වැටුප තවමත් රුපියල් 20,000ට අඩු අගයක් ගන්නා බවට ද කරුණු අනාවරණය වී ඇති බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

 


එම විෂමතාව වහාම ඉවත් කිරීම සඳහා සුදුසු යෝජනා ඉතා ඉක්මණින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජාතික වැටුප් කොමිසමට දැනුම් දීමට ද රජය තීරණය කර තිබෙනවා.

views

792 Views

Comments

arrow-up