PHI සංගමය තීරණයක් ගනී

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව දියත් කිරීමට තීරණය කර තිබෙනවා.
කොරෝනා මර්දන ක්‍රියාවලියේ දී අත්‍යවශ්‍ය බලතල ලබානොදීම සහ එම බලතල ලබා නොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය කළ ප්‍රකාශයකට එරෙහිව ඔවුන් දින කිහිපයක් පුරා අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වී සිටියා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණා.
එහිදී තීරණය වී ඇත්තේ කොරෝනා මර්දන ක්‍රියාවලිය ඇතුලු ඩෙංගු වැනි වසංගත තත්ත්වයන් පාලනය කිරීමටත්, ප්‍රාදේශීය වශයෙන් සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමටත් දායකත්වය ලබා දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට රජයේ නිසි සැළකිල්ල ලැබී නොමැති බවයි.
එබැවින් තවදුරටත් කොරෝනා සහ ඩෙංගු මර්දනය ඇතුලු සියලු ක්‍රියාවලින් ඉවත්ව ලෙඩ නිවාඩු වාර්තා කොට වෘත්තිය ක්‍රියාමාර්ගය අකණ්ඩව දියත් කිරීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළා.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දේශපාලන අතකොලුවක් බවට පත්ව ඇති බවට රෝගීන්ගේ අයිතිවාසිකස් සුරැකීමේ ජාතික සංවිධානය චෝදනා කළා.
සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙලෙස සමස්ත සමාජය අනතුරේ දැමීමේ අයිතියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොමැති බවයි එම සංවිධානය පවසන්නේ.
757 Views
Comments