කටුපොල් වගාව නතර කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

පරිසරයට හානියක් සිදුවන්නේ නම් කටුපොල් වගාව වහාම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගාල්ලේදී අද (27) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කටුපොල් වගාවෙන් කොතරම් ලාභ ඉපැයුවද පරිසරයට හානි සිදුවන්නේ නම් වහාම එම වගාව නතර කළ යුතු යැයි උපදෙස් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් විධිමත් පාරිසරික අධ්‍යයනයක් කරන්නැයි ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙරට දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසඳුම් දීමේ අරමුණින් සංවිධානය කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාව යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරිය ලෙන් විහාරස්ථානයේ පැවැති රැස්වීමට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශ කළේය.
කටුපොල් වගාවෙන් පරිසරයට සිදුවන හානිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයාට පැමිණිලි කළ අතර ඒ අනුව සමීබන්ධීකරණ රැස්වීමේ පළමු ගැටලුව ලෙස කටුපොල් වගාව පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡාවට ගැනිණි.
ප්‍රදේශයේ පවතින ජල හිඟයට හේතුව වී ඇත්තේ ද කටුපොල් වගාව යැයි ද ප්‍රදේශවාසීහු කීහ.
පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරිගැන්විය යුතු යැයි මෙහිදි කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ප්‍රතිඵලයක් ලෙස පොල් වගාව ද සංවර්ධනය වනු ඇතැයි පෙන්වා දුන්නේය .
767 Views
Comments