ඩෙන්මාර්කයේ වෛරස් කාටූනය චීනය කෝප කරවයි - සමාව ඉල්ලීමද ප්‍රතික්ෂේප කරයි

ඩෙන්මාර්ක පුවත්පත ප්‍රකාශනයට පත් කළ උපහාසාත්මක කාටූනයට චීනයෙන් සමාව අයැදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
දුසිම් ගණනින් මරා දමා තවත් දහස් ගණනකට ආසාදනය වී ඇති මාරාන්තික නව කොරෝනා වෛරසය පිළිබඳව ඩෙන්මාර්ක පුවත්පතේ චීනය ධජය උපහාසයට ලක් කරමින් මෙම කාටූනය පළ කර තිබුණා.
Jyllands-Posten හි පත්තර කාටූන් ශිල්පියා විසින් අඳින ලද මෙම කාටූනයේ චීන කොඩියක් නිරූපණය කර ඇති අතර සාමාන්‍යයෙන් ඉහළ වම් කෙළවරේ කහ පැහැති තාරකා වෙනුවට නව කොරෝනා වයිරසයේ චිත්‍ර යොදා තිබුණා.
ඩෙන්මාර්කයේ චීන තානාපති කාර්යාලය කාටූනය පිළිබඳ පවසා තිබුණේ එය චීන ජනතාවගේ හැඟීම් රිදවන ආකාරයේ අපහාසයක් ලෙස යි.
තානාපති කාර්යාලය පැවසුවේ එම කාටූනය “නිදහසේ කතා කිරීමේ සදාචාරාත්මක සීමාව” ඉක්මවා ගොස් පුවත්පත සහ කාටූන් ශිල්පී නීල්ස් බෝ බොජෙසන් තමන් කළ වැරැද්දෙන් නින්දා අපහාස ලද චීන ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින ලෙසයි.
2005 දී එම පුවත්පතම මුහම්මද් නබිතුමාගේ උපහාසාත්මක චිත්‍ර ප්‍රකාශයට පත් කළ අතර එය මුස්ලිම් ලෝකය පුරා කෝපයට හේතු වුණා.
715 Views
Comments