යාපනයේ වෛද්‍ය සිසුවිය ඝාතනය කළ පෙම්වතා අල්ලයි (PHOTOS)

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක ඝාතනය කර තිබෙනවා. ඝාතන සැකකරු අල්ලා පොලීසියට භාර දීමටයි ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත්තේ.
යාපනය පන්නේකලපුව ප්‍රදේශයේදී මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ යාපනය වෛද්‍ය පීඨයේ 3 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවක්.
ඇය බේරුවල ප්‍රදේශයේ පදිංචිකාරිනියක බවයි වාර්තා වන්නේ.
ඝාතන සැකකරු පරන්තන් ප්‍රදේශයේ ආරක්‍ෂක සේවයේ නිරත අයෙකු බව වාර්තා වන අතර ප්‍රදේශවාසීන් සැකකරු අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.
ප්‍රේම සම්බන්ධයක් මත ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවට විශ්වාස කෙරෙනවා. යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
2051 Views
Comments