රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
03

රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද

රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කෙරේ.

 

ඊයේ රාත්‍රී වීදි සංචාරය කරනු ලැබුවේ, කතරගම දේවාලයේ 13 වැනි පෙරහැරයි. එය ආරම්භ කිරීමට ප්‍රථම ආලෝක පූජාව පැවැත්වුණේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් නාරගල සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මයුරි අබේසිංහ යන මහත්ම, මහත්මීන්ගේ සහභාගිත්වයෙන්.

 

කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය නිසා සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුව පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත. සියලු සම්ප්‍රදායානුකූල සංස්කෘතිකාංගවලින් යුතුව පෙරහැර සමන්විත බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා පවසයි.

 

පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන්, පුරාවිද්‍යා උපදේශක කමිටුවට පත් කිරීමට අදාළ පත්වීම් ලිපිය මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් උන්වහන්සේට පිළිගන්වනු ලැබීය. දිවයින පුරා වෙරෙහ විහාරස්ථානවල අඩුපාඩු සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව මෙහිදී පූජ්‍ය අග්‍රහැරේ කස්සප හිමියන් විසින් අග්‍රාමාත්‍යවරයාට බාරදෙනු ලැබීය.

 

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධාන කළ සද්ධර්ම වර්ෂ පොහොය ආගමික වැඩසටහන අද දවස පුරා ඓතිහාසික කතරගම කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට සජීවීව විකාශය කෙරේ. සද්ධර්ම වර්ෂා සඳහම් යාත්‍රාවේ මාසික ධර්ම දේශනාව සිදුකරනු ලබන්නේ, පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් විසින්.

 

views

1423 Views

Comments

arrow-up