අද දීපාවලිද? දීපවාලිද?

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපවාලි උත්සවය අදට යෙදී තිබෙනවා.
හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සමරන්නේ, විෂ්ණු දෙවිඳුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමිනි. එහිදි නරකාසුර විසින් පරාජය පත්ව සැමට ආලෝකය දැකීමට ඉඩදෙන ලෙස කල ඉල්ලිම උදෙසා මෙම උත්සවය පැවැත්වේ. එය ඉතිහාසයේ සඳහන් වන්නේ, අධර්මය පරාජය කර ධර්මය ජය ගැනීමක් ලෙසයි.වප් මාසයේ අමාවක දිනයේදී දීපවාලි උත්සවය යෙදීමත් තව ත් විශේෂත්වයකි.අමාවක දා පැතිරෙන ඝන අඳුර දුරලමින් ලෝකය ඒකාලෝක කිරීමට පහන් එළිදැල්වීම මෙම උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වේ.
දිපවාලී යනු පහන් පෙලයි කියන අරුතයි.දිවාලී වර්තමානයේ දිපවාලි බවටපත් වී ඇත.වසර 14 වනවාසි රාමා ,සිතා,ලක්ෂමණ මෙන් පාණ්ඩව කුමාරවරැන් යළි සමාජයට පිවිසුණේ දිපවාලි දිනයයි.කර්තික හින්දු දර්ශනයට අනුව ගිම්හාන අස්වැන්නෙන් පසු නැතිනම් ඔක්තෝබර් හෝ නොවැම්බර් මාස වලදි මේ උත්සවය පැවැත්වේ.
පවාලි දිනයේ උදෑසනම අවදි වී ස්නානය කොට අලුත් ඇදුමින් සැරසුණු හින්දු බැතිමතුන් කොවිල්වලට ගොස් ආගමික වතාවත්වල නිරත වෙන්නෙ තමන්ටත් තම පවුලට මෙන්ම රටටත් සෞභාග්‍යය පිණිස යාතිකා කරයි මේදිනයේ පුජා,මන්ත්‍ර,ජපකිරිම්,සෝත්‍ර ගායනාවේ වේනදට වඩා සියවාරයක් පුභල බව. හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.දිපවාලි උත්සවයට ඉතා දිගු ඉතිහාසයක් ඇත.විෂ්ණු දෙවිදුන් අනුහසින් ලෝකයට සතුට හා සාමය උදාවෙත්ම හින්දු ජනතාවට අලෝකය උදාකරන මේ දිපවාලි දිනයේ සැමගේ ජිවිත අලෝකමත් වේවා!......
1864 Views
Comments