ජනපතිගෙන් ඇමතිවරුන්ට දැඩි සීමා

කැබිනට් අමාත්‍යවරුන්ට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
ඒ අනුව එක් කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැක්කේ එක් උපදේශකවරයෙකු පමණයි. රජයේ වියදම් අවම කිරීම මෙහි අපේක්ෂාව වී තිබෙනවා.
කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි උපදේශකවරුන් සම්බන්ධයෙන් මෙවැනි සීමාවක් මීට පෙර පැවතියේ නැහැ.
ඉකුත් ආණ්ඩුවේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්, 50 දෙනෙකුට ද වැඩි උපදේශකවරුන් පිරිසක් රඳවා තබා ගත් බවට වාර්තා පළවුණා.
කැබිනට් අමාත්‍යවරුන්ගේ මෙම උපදේශකවරුන් වෙනුවෙන් රජයට අනවශ්‍ය වැඩි වියදමක් ද දැරීමට සිදුවන බවයි වාර්තාවන්නේ.
.
1034 Views
Comments