අගෝස්තු 20 පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

අගෝස්තු 20 පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි

අගෝස්තු 20 පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි

09 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම් වාරය ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 09.30ට කැඳවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් මෙම කැඳවීම සිදුකරන බවයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

 

මීට අමතරව ජනාධිපතිවරයා විසින් තවත් ගැසට් නිවේදන කිහිපයක්ද ඊයේ දිනයේදී නිකුත් කර තිබෙනවා.

 

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරමින් එක් ගැසට් නිවේදනයක්ද / ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත් කරමින් තවත් ගැසට් නිවේදනයක්ද ප්‍රකාශයට පත් කෙරුණා.

 

එමෙන්ම නව කැබිනට් අමාත්‍යවරුන් / රාජ්‍ය අමාත්‍යවරුන් / නව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළත් ගැසට් නිවේදනද ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේදී නිකුත් කර තිබෙනවා.

 

 

views

807 Views

Comments

arrow-up