අවම සිසුන් සංඛ්‍යාව ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නැහැ - ගුරු සංගම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
13

අවම සිසුන් සංඛ්‍යාව ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නැහැ - ගුරු සංගම්

අවම සිසුන් සංඛ්‍යාව ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නැහැ - ගුරු සංගම්

පන්ති කාමරයක සිටිය යුතු අවම සිසුන් සංඛ්‍යාව ඉහළ දැමීමට රජය කටයුතු කළහොත් නීතිමය පියවර ගන්නා බව ලංකා ගුරු සංගමය පවසනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් පවා දී ඇති බවයි එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.

 

පන්ති කාමරයක සිටිය යුතු අවම සිසුන් සංඛ්‍යාව නැවත වරක් 40 දක්වා ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා. එමගින් කුඩා පාසල් වැසී යාම වැළැක්විය නොහැකි බවයි අවධාරණය කෙරුණේ.

 

 

අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණේ පාසල් පන්ති කාමරයක සිටින සිසුන්ගේ සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමටයි. ඒ, සිසුන්ට පාසල් නොලැබීමේ තත්ත්වය අවම කිරීමේ අරමුණින්. පළමු අදියරේදී ප්‍රාථමික අංශයේ පන්ති කාමර සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

 

 

පන්ති කාමරයක සිටිය යුතු සිසුන්ගේ සංඛ්‍යාව 35 දක්වා අවම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝගයක් ලබාදී තිබෙනවා. 

views

856 Views

Comments

arrow-up