දුමින්දට නිදහස දෙන්න රජය තුළ සාකච්ඡාවක් නෑ

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වැරැදිකරුවන්ට සහනයක් ලබාදීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව නිල වශයෙන් කිසිදු සාකච්ඡාවක් කර නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ‘ලංකාදීප’ යට අද(13) පැවැසීය.
එහෙත් වැරැදි තොරතුරු හා උපකල්පන මත සාධාරණ නොවන ක්‍රමවේදයකින් කිසිවෙකුට හෝ දඬුවමක් ලැබී තිබේ නම් එමගින් අදාළ තැනැත්තන් වින්ධිතයන් වී ඇතැයි ද එනිසා එවැනි සිදුවීම් වී තිබේදැයි සොයාබැලිය යුතු යැයි ද ගුණවර්ධන මහතා කීවේය
රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස පළ කළේ රංජන් රාමනායක මහතාගේ භාරයේ තිබී පොලිස් විමර්ශන සඳහා ලබාගත් හඬ පට පදනම් කරගෙන භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වැරැදිකරුවන්ට සහනයක් දීම ගැන රජයේ අවධානය යොමු වී තිබේදැයි කළ විමසුමට පිළිතුරු දෙමිනි.
වැරැදි ක්‍රමවේද මගින් කිසිවෙකුට හෝ දඬුවම් දී ඇතිනම් ඔවුන්ට දෙවියන්ගේ පිහිට හැර අන් සරණක් නැතැයි කී හෙතෙම ඒ ගැන අගවිනිසුරුවරයා යම් පියවරක් ගනු ඇතැයි අවධාරණය කර කීය.
සාක්ෂි නොමැතිව පවා නඩු ගොනු කරන්නැයි පැවැති රජයේ බලවත් දේශපාලකයන් උපදෙස් දී ඇති බවට දිල්රුක්ෂි ඩයස් හා සුහද ගම්ලත් යන සොලිස්ටර් ජනරාල්වරුන්ම හෙළිදරව් කිරීම් කර ඇතැයි ද පැවැති රජයේ දින 100 පාලන කාලයේ ක්‍රියාත්මක වූ විධායක සභාව මේ සියල්ලේ මුල යැයි ද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පැවැසීය.
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී මරණ දණ්ඩනය ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දී නිදහස් කරන ලෙස ඇතැම් බෞද්ධ හිමිවරුන් මෙන්ම ආණ්ඩුවේ අමාත්‍යවරුන් ද ඉල්ලා සිටින අතර නව සිංහල රාවය සහ නව සිංහලේ ජාතික රාවය යන සංවිධාන පසුගියදා අධිකරණ කොමිෂන් සේවා සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ දුමින්ද සිල්වා වරදකරු කරමින් දෙන ලද නඩු තීන්දුව ශුන්‍ය කරන ලෙසය.
858 Views
Comments