නෑදෑයන් කොවිඩ් සිරුරු පහක් අතහරී – දින ගණනක සිට කොවිඩ් සිරුරු මෝචරියේ

ආදාහනය කිරීමට විරෝධය පාමින් මළසිරුරු රැගෙන නොයාම නිසා කොළඹ පොලිස් මෘතශාරීරාගාරයේ කොවිඩ් මළසිරුරු පහක් දින ගණනක් තිස්සේ තිබෙන බවට වාර්තවනවා .
මියගොස් පැය විසිහතරක් යන්නට පෙර කොවිඩ් වැලඳුණු අයගේ මෘතදේහ ආදාහනය කළ යුතු වුවත් මෙම ගැටලුව නිසා එම මළසිරුරු දින ගණනක් මෘත ශරීරාගාරයේ තැබීමට සිදු වී තිබෙනවා.
මෙම මෘත ශරීර අතර කොම්පඤ්ඤවීදියේ දෙකක්, මරදානින් 01ක්, මාලිගාවත්තෙන් එකක් හා කොටුවේ එකක් වනවා.
සිරුරු ආදාහනයට මිනීපෙට්ටි ලබාදිය නොහැකි බව දන්වා ආදාහනයට විරෝධය පෑ පවුලේ ඥාතීන් පිටව ගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉහළ නිලධාරීන්ට වාර්තා කර තිබෙනවා
මෙම පිරිස නිවසේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය අයයි.
855 Views
Comments