නව ඇමතිවරු දෙදෙනෙක් - නව අමාත්‍යංශ දෙකක් ගැසට් කෙරේ

තාක්ෂණ අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශ 02 ක් නම් කර තිබෙනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත‍්‍රය ද මේවනවිට නිකුත් කර තිබෙනවා.
තාක්ෂණ අමාත්‍යංශයේ ප‍්‍රධාන විෂය පථය වන්නේ ප‍්‍රශස්ත තොරතුරු තාක්ෂණය, ජාතික සහ ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන, සුබසාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත‍්‍රය කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සඳහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවා ස්ථාපිත කිරීමයි.
ශ‍්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව, ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ද අදාළ අමාත්‍යංශයට අයත්. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථය වන්නේ, සියලූම පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මගින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ නිතීය හා සාමය පවත්වා ගැනීමයි.
ශ‍්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද එම අමාත්‍යංශයට අයත්.
894 Views
Comments