ඇමතිලාගේ දූෂණ හෙළි කළාම පන්සලට CIDය එවනවා. යහපාලනයවත් මෙහෙම කළේ නෑ - මැඩිල්ලේ හිමි

තමන් පසුගිය දිනවල ඇතැම් ඇමතිවරුන්ගේත් ආණ්ඩුවේ ගජමිතුරන්ගේත් දූෂණ හෙළිදරව් කළ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් පැමිණ තමන්ව බිය වැද්දීමේ අරමුණින් යුතුව ප්‍රශ්න කිරීමට උත්සාහ කළ බවත් නීතීඥ සහායක් ලබාගැනීමට හෝ අවස්ථාව නොදී තමන්ගෙන් කට උත්තරයක් ලබාගැනීම සඳහා බලපෑම් කළ බවත් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසයි.
තමන් යහපාලනය රජය සමග කොතෙක් ගැටුණ ද භික්ෂු දඩයමක් පිළිබඳ යහපාලන රජයට චෝදනා කළ ද ඒ රජය යටතේ මෙවැන්නක් සිදු නොවුණු බවයි එහිමි සිහිපත් කළේ.
වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා වෙහෙස මහන්සි වූ තමන් වැනි ජාතික බලවේගයේ ක්‍රියාකාරී භික්ෂුවකටත් මේ ආකාරයෙන් සැලකීම පිළිබඳ තමන් අතිශයින් කණගාටුවට පත්වන බවත් එහිමි ප්‍රකාශ කළේය.
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔහුගේ අරක්කු නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ බලපත්‍රය නැවත ලබාගැනීම පිළිබඳවත් මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ සහෝදරයකු විසින් මත්පැන් අලෙවිසලක් ආරම්භ කිරීම සහ එහිදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ භික්ෂුන් වහන්සේලාට යම් බලපෑමක් කිරීම පිළිබඳවත් ප්‍රශ්න කර තිබිණි.
ඒ මාධ්‍ය හමුව පවත්වා දිනක් ගතවෙද්දී ඊයේ (22) මෙසේ පොලිසිය ඉතාම කඩිනමින් තමන්ගෙන් ප්‍රශ්න කිරීමට පැමිණියේ චමල් රාජපක්ෂ මහතාගේ පැමිණිල්ලකට අනුව බව පැවසූ එහිමි තමන් අනාවරණය කළ කරුණු පිළිබඳ සොයනවා වෙනුවට තමන්ව බියවැද්දීමට කටයුතු කිරීමත් එය තමන්ම වෙහෙස වී පත් කළ සිංහල බෞද්ධ ආණ්ඩුවක් යටතේම සිදුවීමත් අතිශයින්ම ප්‍රශ්නකාරී බවයි සඳහන් කළේ.
රජය බිහි කරන්න උර දුන් 'මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිගේ පන්සලට' CID පනී..ඇමති චමල් ගැනත් කියවේ.. - හිමියන් සජීවීව නිකුත් කළ...
Posted by TrueNews.lk on Sunday, November 22, 2020
902 Views
Comments