ඊයේ දින වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 20දෙනාගේ තොරතුරු

මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 2724 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ (19) රාත්‍රී වනවිට මෙරට සෞඛ්‍ය අංශ විසින් නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලට අනුවයි.
ඒ අනුව ඊයේ දිනයේදී පමණක් හඳුනා ගත් නව ආසාදිතයන් ප්‍රමාණය 20 කි.
කහතුඩුව ප්‍රදේශයෙන් ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති අතර මීට අමතරව පැල්මඩුල්ලෙන් ද එක් ආසාදිතයෙකු වාර්තා වී තිබේ. ඔවුන් සිව් දෙනාම මීට පෙර හඳුනා ගත් කන්දකාඩු ආශ්‍රිතයන්ගේ සමීපතමයන් බවයි සෞඛ්‍ය බළධාරීන් පෙන්වා දෙන්නේ.
මීට අමරතව සෞදි අරාබියේ සිට පැමිණි 09 දෙනෙකු, කටාර්හි සිට පැමිණ 03 දෙනෙකු, ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකු සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු ඊයේ දිනයේදී කොවිඩ් 19 ආසාදිතයන් බව තහවුරු කරගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලිනි.
මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 678 කි. මීට අමතරව සැකසහිත පුද්ගලයන් 107 දෙනෙකුද ප්‍රතිකාර ලබමින් සිටී.
1373 Views
Comments