ජනපති ගෝඨාභය අගමැති මහින්ද වෙනුවෙන් තැබූ FB සටහන....

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයට 50 වසරක් පිරීම නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් සුබ පැතුම් එක් කර තිබේ.
ඒ මෙසේය.
‘සුවහසක් ශ්‍රී ලාංකික ජනයාට මහින්ද රාජපක්ෂ යනු මෑත ඉතිහාසයේ අග්‍රගණ්‍ය දේශපාලන පෞර්ෂයක් සහිත අසහාය නායකයායි. වසර 50කට ප්‍රථම තම දේශපාලන දිවියට අත්පොත් තැබූ එතුමා වාර දෙකකදී විධායක ජනාධිපති ධූරය හොබවන ලද අතර අද දින ශ්‍රී ලංකාවේ සාර්ථකම ජනමූල නායකයා ලෙස සහ වර්තමාන අග්‍රාමාත්‍යවරයා ලෙස රටටත් ජනතාවටත් සේවය කරමින් සිටී.
එතුමාගේ ඉදිරි දේශපාලන දිවියට මාගේ උණුසුම් සුභපැතුම් එක්කරමි.’
1123 Views
Comments