APR
18
රාජ්‍ය ආයතන ලබන සතියේ යළි ආරම්භ කෙරේ - විශේෂ චක්‍රලේඛයක්!

රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ලබන 20 වැනිදා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.
ඉන් අනතුරුව රාජ්‍ය ආයතනවල රාජකාරී යළි ආරම්භ කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති.
715 Views
Comments