එළවළු රජයෙන් මිලදී ගැනීම හොඳයි - පාරිභෝගිකයාට වැඩි මිලට අලෙවි කිරීම නතර කළ යුතුයි

තම සම්මේලනය දිගින් දිගටම පෙන්වා දුන් පරිදි රජය විසින් ආරම්භ කර ඇති එළවළු මිලදී ගැනීම හොඳ වැඩ පිළිවෙලක් බවත් ගොවියාගෙන් අඩුමිලට මිලදී ගෙන පාරිභෝගිකයාට වැඩි මිලට අලෙවි කිරීම නතර කළ යුතු බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුනාරත්න මහතා අද (11) දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
තම සම්මේලනය දිගින් දිගටම පෙන්වා දුන් පරිදි රජය විසින් අද දිනයේ ආරම්භ කර ඇති එළවළු මිලදී ගැනීම හොඳ වැඩ පිළිවෙලක් යැයි නාමල් කරුණාරත්න මහතා පැවසී ය. එම වැඩ පිළිවෙලේ තවත් දියුණු කළයුතු පැති කීපයක් ඇති බවත් රජය සතුව විශාල වාහන ප්‍රමානයක් ඇති බවත් එළවළු හා පළතුරු තොග රටපුරා බෙදාහැරීම සදහා ඒවා යොදවා ගන්නා ලෙසත් ඒ මහතා ඉල්ලාසිටි යේය.
රටපුරා ව්කිහිදුනු දුම්රිය මාර්ග පද්ධතිය හා එහි මානව හා භෞතික සම්පත උපයෝගී කරගෙන අඩු ප්‍රවාහන වියදමකින් එළවලු හා පලතුරු මෙන්ම ඒ ඒ දිස්ත්‍රික්කවල නිෂ්පාදන සෙසු දිස්ත්‍රික්ක සදහා හුවමාරු කරගෙන සිදුකළ හැකි බවත් ඒ සදහා දුම්රිය දෙපාරතමේන්තුවට අවශ්‍ය සියලු භාණ්ඩ හුවමාරු කළහැකි සම්පත් තිබෙන බවත් පෙන්වා දුන්නේය.
එසේම රජය මිලදී වැඩ පිළිවෙල ක්‍රියාත්මක වීමෙන් පසු මේ වනවිට එළවලු හා පලතුරු මිල වරිවර අඩුකර ඇති බවත් එසේ ගොවියාගෙන් අඩු මිදලට ලබා ගන්නා එළවළු හා පළතුරු පාරිභෝගිකයාට වැඩි මුදලට අලෙවි කරන තත්වයක් මුතුව ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය. ඉන් ගොවි ජනතාවට සාධාරණ මිලක් නොලැබෙනවා පමණක් නොව ඊට අදාලව පරිභෝගිකයටද අඩු මුදලකට එළවලු මිලදී ගැනීමට නොහැකි බවද පැවසිය.
එසේම රජයේ මෙම එළවලු මිලදී ගැනීමේ වැඩ පිළිවෙල මාතලේ දිස්ත්‍රික්කයට පමණක් සිමා නොකළ යුතු බවත් එය රටපුරා විහිදී තිබෙන ගොවි කලාපවල නිෂ්පාදනය කෙරෙන එළවළු හා පළතුරු මිලදී ගැනීමට හැකිවනසේ පුළුල් කලයුතු බවත් එහිදී නාමල් කරුණාරත්න මහතා පැවසී ය.
එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයා වන චමල් රාජපක්ෂ මහතා වන නමුත් දඹුල්ලේ එළවළු සදහා රජයේ වැඩ පිළිවෙල කරගෙන යන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන දෙදෙනා යැයිද මෙහිදී නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ ය. ඔවුන්ට ඒ සදහා බලයක් ලබාදී තිබේද යන්නත් පැහැදිලි කරගත යුතු ප්‍රශ්නයක් බවද ඒ මහතා පැවසිය.
එමෙන්ම ගොවියාගේ එළවළු මිලදී ගැනීමේ උපරිම මිලක් නියමකර ඇති තත්වයක් තුළ අවම මිලක්ද නියම කළ යුතු බවත් නොඑසේනම් මේ වනවිට සිදු වන පරිදි දිනෙන් දින අඩු මුදලට ගොවියාගෙන් එළවළු මිලදීගෙන පාරිභෝගිකයා වෙත වැඩි මුදලට එළවළු අලේවි කරන තත්වය පාලනය කළ නොහැකි වනු ඇති බවත් ය.
දඹුල්ල නගරයේ විහාර හන්දිය රථ ගාල, පැරණි සතිපොළ භුමිය, ගම් උදාව ක්‍රීඩාපිටිය, පැල් වැහැර කෘෂිකර්ම ක්‍රීඩා පිටිය, ගලේවෙල ක්‍රීඩාංගනය, දේවහුව ගොවිජන සේවා මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන ගණනාවක මෙලෙස එළවළු මිලදී ගැනීම ආරම්භ කර තිබිණි.
මෙම වැඩ පිළිවෙල පිලිබදව නිරීක්ෂණය කිරීමට නාමල් කරුණාරත්න මහතා ගොවි සම්මේලනයේ කමිටු සාමාජික සුනිල් රණවීර, ඩබ්ලිව්.එම් තිලකරත්න යන ගොවි නායකයින් එක්ව එළවළු මිලදී ගැනීමේ ස්ථානවල සංචාරය කර තිබේ.
ගම් උදාව භුමියේ නිරීක්ෂණය අතරතුර එම් ස්ථානයේ සිටි මධ්‍යම පළාත් හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මහතාගේ නාමල් කරුණාරත්න මහතා විසින් එළවලු මිල ගණන් පිලිබදව මිට පෙර තමන් දැනුවත් කළ මිල ගණන් අඩුකර ඇති බව පෙනවදිමෙන් පසු ප්‍රමිත මහතා විසින් උස හඩින් එම කරණය පිලිබදව කතාකළ අතර පොහොට්ටු පාක්ෂිකයින්ද එම අවස්ථාවට එකවිමත් සමග උණුසුම් තත්ත්වයකද ඇතිවිය.
ගොවි ජනතාව චෝදනා කරන්නේ රජය විසින් ලබා දී ඇති මිල ගණන්වලටත් වඩා අඩුවෙන් තම එළවළු මිලදී ගැනීම තමන්ට මහත් අසාධාරණයක් බවයි. එමෙන්ම තම එළවළු කුණුවීමට නොදී කීයකට හෝ විකුණා ගැනීම අරමුණ පමණක් තමන්ට ඉදිතිරිව ඇති බවත් බොහෝ විට එළවළු රැගෙන එන වාහන කුළිය පවා ගෙවීමට, එළවළු අලෙවියෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන බවත් ගොවීහු පවසති.
733 Views
Comments