නන්දිකඩාල් කලපුවේ මෝය කට පුළුල් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
04

නන්දිකඩාල් කලපුවේ මෝය කට පුළුල් කරයි

නන්දිකඩාල් කලපුවේ මෝය කට පුළුල් කරයි

පවතින වර්ෂාව ඉදිරියටත් පැවතියහොත් නන්දිකඩාල් කලපුවේ ජල ප්‍රමාණය ඉහළ  යාමෙන් තවත් වැසියන් විපතට පත්වීමේ අවදානම නිසා කලපුවේ මෝයකට පුළුල් කිරීමට ධීවර ජනතාව හා ධීවර හා ජලජසම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගනු ලැබුවා.

 

පසුගියදා නන්දිකඩාල් කලපුවේ මෝයකට ඇහිරීම හේතුවෙන් ජල ප්‍රමාණය ඉහළ යාමත් සමග අවදානමට පත් වැසියන් 700 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා ගමන් කළ  අතර තවත් වර්ෂාව ඇඳහැළිමෙන් කලපුවේ ජල ප්‍රමාණය වැඩිවිමේ අවදානම නිසා මෝයකට පුළුල් කිරීමට පියවර ගෙන තිබුණා.

 

මේ අනුව ප්‍රදේශයේ ධීවර ජනතාව විසින් ධීවර හා ජලජසම්පත් දෙපාර්තමේන්තු  නිලධාරීන්ගේ අධීක්ෂණයෙන්  නන්දිකඩාල් කලපුවේ ජලය මුහුදට ගලා බැසීමට ඇළවල් කිහිපයක් සැකසීමට පියවර ගැනුණා.

 

නන්දිකඩාල් කලපුවේ ජල ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් මේ වන විටත් අවට මාර්ග කිහිපයක් යටවි  ඇති අතර ආසන්නයේ ධීවර පවුල් 700කට පමණද බලපෑම් එල්ල වී තාබෙනවා.

views

737 Views

Comments

arrow-up