පිටරටින් එන ප්‍රභූවරුන්ට පරීක්ෂණත් නෑ නිරෝධායනයත් නෑ - GMAO

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග ප්‍රභූ පුද්ගලයන්ට අදාලව නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. මේ නිසා නැවතත් වෛරසය සාමාන්‍ය සමාජයට නිරාවරණය වීමේ අවදානමක් තිබෙන බවයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
විදෙස් රටවල සිට පැමිණෙන සියලු දෙනා PCR පරීක්ෂණය සඳහා භාජනය කිරීම සහ නිරෝධායන කාලසීමාවකට යටත් කිරීම අනිවාර්ය වුවත් ප්‍රභූ පුද්ගලයන්ට කිසිදු බාධාවකින් තොරව පරීක්ෂණද නොමැතිව රටට ඇතුළුවීමට අවස්ථාව ලබා දී ඇති බවද එම සංවිධානය පවසනවා.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහුට නිරෝධායනය වීමෙන් තොරව සිය නිවසට යාමට විදේශ කටයුතු අමාත්‍යංශය අවසර ලබා දී ඇති බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ විදෙස් රටවල සිට පැමිණෙන සාමාන්‍ය පුද්ගලයන්ට එක් නීතියකුත්, ප්‍රභූන්ට එක් නීතියකුත් ක්‍රියාත්මක වීම ගැටලු සහගත බවයි.
මාලදිවයින, සීෂෙල්ස් යන රටවල සිට පැමිණි ඇතැම් පුද්ගලයන්ට රජය විසින් අනුමත කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙනුවට වෙනත් පෞද්ගලික රෝහල්වලට ඇතුළුවීමට ද අවසර ලබා දී තිබෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.
668 Views
Comments