සංවර්ධනය වෙමින් පවතින රටවල් 77ක ණය අත්හිටුවීමට චීනය තීරණය කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
08

සංවර්ධනය වෙමින් පවතින රටවල් 77ක ණය අත්හිටුවීමට චීනය තීරණය කරයි

සංවර්ධනය වෙමින් පවතින රටවල් 77ක ණය අත්හිටුවීමට චීනය තීරණය කරයි


කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේදී අඩු වරප්‍රසාදිත රටවලට උපකාර කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස චීනය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 77 ක් සඳහා ණය ආපසු ගෙවීම අත්හිටුවා තිබේ. චීන විදේශ කටයුතු අමාත්‍ය Ma Zhaoxu මහතා ඉරිදා (07) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මෙම පියවරෙන් ප්‍රතිලාභ ලබන රටවල් පිළිබඳව එහිදී අනාවරණය නොවිණි.

 


කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන සම්බන්ධයෙන් චීනය විසින් ප්‍රකාශයට පත් කළ ධවල පත්‍රිකාව පිළිබඳ පැවති මාධ්‍ය හමුවේ දී මේ බව සාකච්ඡා විය. "Fighting Covid-19: China in Action" නම් මෙම සම්පූර්ණ ධවල පත්‍රිකාව Xinhua පුවත් සේවය
ඔස්සේ

 

(http://www.xinhuanet.com/english/2020-06/07/c_139120424.htm) කියවිය හැකිය.
"Fighting Covid-19: China in Action" යන ධවල පත්‍රය චීනයේ රාජ්‍ය සභ තොරතුරු කාර්යාලය විසින් ඉරිදා (ජූනි 7) නිකුත් කරන ලදී.

 


මෙහිදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ තම රට, ජාතීන් 150 කට වැඩි ගණනකට ඔවුන්ගේ වෛද්‍ය විශේෂඥයින් පිටත් කර හැරීම ඇතුළු විවිධ ආකාරවලින් ආධාර ලබා දී ඇති බවයි.

 


“අප ඉතා දුෂ්කර කාලයක සිටියදී, 170කට අධික ලෝක නායකයින් පිරිසක්, ජාත්‍යන්තර සංවිධාන 50 කට අධික සංඛ්‍යාවක් සහ දේශපාලන පක්ෂ 300 කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ ගෞරවය හා සහයෝගය අප වෙත සඳහන් කළා. වෛරසයට එරෙහි සටන වෙනුවෙන් රටවල් 77 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 12 ක් අප වෙනුවෙන් භාණ්ඩ පරිත්‍යාග කළ අතර ලොව පුරා ජනයා විවිධ ආකාරවලින් චීනයට සහයෝගය දැක්වූවා.

 


“මෙම වටිනා මිත්‍රත්වය අපට අමතක නොවනු ඇත“, යනුවෙන් ඔහු පැවසීය.

 

 

views

1358 Views

Comments

arrow-up