ශ්‍රී ලංකාවේත් චීන ජාතිකයින් බහුල පෙදෙස්වල මුඛ ආවරණ අලෙවිය ඉහළට

ශ්‍රී ලංකාවේ චීන ජාතිකයින් විශාල ලෙස ගැවසෙන ප්‍රදේශවල මුඛ ආවරණ අලෙවිය ඉහළ ගොස් තිබෙනවා.
මෙරටට සංචාරකයින් ලෙස පැමිණෙන පිරිස් අතරින් දෙවැනියට වැඩිම පිරිසක් සංචාරය කරන්නේ චීනයේ සිටයි.
ජනවාරි සහ පෙබරවාරි යන මාසයන්වල දී අවම වශයෙන් 50,000කට අධික චීන සංචාරකයින් මෙරට සංචාරය කරනු ලබන බව පසුගිය වසර කීපයේ මහබැංකු වාර්තා සාක්ෂි දරයි.
ඊට අමතරව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති රැසක චීන ජාතිකයින් සේවය කරනු ලබයි. කම්කරුවන් හා ඉංජිනේරුවන්ද ඇතුළත්ව මෙරට චින ජාතිකයින් විශාල පිරිසක් ජීවත් වෙති. ඔවුන් අතර පසුගිය සමයේ චීනයේ ගොස් නැවත පැමිණි පිරිස් ද වෙති.
ඖෂධ අලෙවිසැල් හා ඖෂධ බෙදා හරින්නන්ට අනුව ජනවාරි 26න් අවසන් වූ සතිය තුළ මුඛ ආවරණ අලෙවිය කිහිප ගුණයකින් ඉහළගොස් ඇති අතර මුඛ ආවරණ සඳහා ඉහළ ඉල්ලුමක් ද ඇති වී තිබෙනවා.
කොළම පිිහිටි රාජ්‍ය ඔසුසල ඇතුලු ඖෂධ අලෙවිසැල්වලත්, චීන ජාතිකයින් බහුල වශයෙන් සංචාරය කරනු ලබන හා සේවය කරනු ලබන ප්‍රදේශවලත් මුඛ ආවරණ අලෙවිය ඉහළගොස් තිබේ.
ඒවා වැඩි වශයෙන් මිල දී ගනු ලබන්නේ ද චීන ජාතිකයින් බව ඖෂධ සැල් සේවකයින් පෙන්වා දෙයි. ඔවුන් තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව මෙන්ම සමාජයේ සෞඛ්‍ය පිළිබඳවත් බොහෝ සංවේදී වී තිබීම විශේෂ කරුණකි.
640 Views
Comments