ලංකාවෙන් මැලේසියාවට යැවූ කසළ කන්ටේනර් ආපසු එවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
20

ලංකාවෙන් මැලේසියාවට යැවූ කසළ කන්ටේනර් ආපසු එවයි

ලංකාවෙන් මැලේසියාවට යැවූ කසළ කන්ටේනර් ආපසු එවයි

ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් කිහිපයකින් මැලේසියාවට යොමුකළ කසළ කන්ටේනර් 150ක් ඔවුන් නැවතත් අදාළ රටවල් වෙත යොමුකිරිමට කටයුතු කර තිබේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 150ක් මෙසේ පසුගිය වර්ශයේ තෙවැනි කාර්තුවේ සිට ඔවුන් රටවල් 13ක් වෙත ආපසු යොමුකර තිබෙනවා.

 

මේ අනුව ප්‍රංශයට 43, එංගලන්තයට 42, ඇමෙරිකාවට 17, කැනඩාවට 11, ස්පාඤ්ඤයට 10ක්, ලෙස කන්ටේනර් 123ක් ආපසු යොමුකර ඇති අතර සෙසු කන්ටේනර් 27 හොංකොං, ජපානය, සිංගප්පරුව, පෘතුගාලය, චීනය, බංග්ලාදේශය ශ්‍රී ලංකාව හා ලිතුවේනියාව යන රටවල් වෙත ආපසු යොමුකර තිබේ.

 

මේ පිළිබඳ අදහස් දක්වන මැලේසියානු පරිසර ඇමතිනී යෙඕ බී යින් සඳහන් කළේ මැලේසියාව ලෝකයේ කුණු කූඩය වීමට ඉඩ තොතබන බවයි.

 

2018 වසරේ සිට චීනය අපද්‍රව්‍ය ගෙන්විම තහනම් කිරීමත් සමග ලොකය තුළ කුණු පිළිබඳව ගැටලුවක් ඇතිවූ අතර මේ අනුව දියුණු රටවල් බොහෝමයක් තම කසළ කන්ටේනර් වලට පටවා ගිණිකොණදිග ආසියානු රටවල් වෙත යැවීමට කටයුතු කර තිබුණා.

 

මැලේසියාව විසින් ආපසු යොමුකළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණ්‍ය මෙට්‍රික් ටොන් 3737 ක් බවත් ඒවා ආපසු යොමුකිරීම වෙනුවෙන් කිසිම මුදලක් නොගෙවන බවත් පරිසර අමාත්‍යවරිය පැවැසුවා.

 

එසේම මේ ආකාරයට මැලේසියාවට කසළ යොමුකර ඇති තවත් කන්ටේනර් 110ක් මේ වසරේ මැද භාගයේදී අදාළ රටවල් වෙත ආපසු යොමු කිරිමට කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

 

 

 

- ජපන් ටයිම්ස්

 

 

 

views

951 Views

Comments

arrow-up