බලහත්කාරයෙන් එවනු ලබන SMS සහ ඇමතුම් තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
20

බලහත්කාරයෙන් එවනු ලබන SMS සහ ඇමතුම් තහනම්

බලහත්කාරයෙන් එවනු ලබන SMS සහ ඇමතුම් තහනම්

දුරකථන පාරිභෝගිකයා ඉල්ලා නොසිටින සියලු ප්‍රවර්ධන කෙටි පණිවිඩ වලින් ඉවත්වීම සඳහා පහසුමක් ඇතුළත් කරන ලෙස සියලුම දුරකථන ක්‍රියාකරුවන්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබෙනවා.

 

සමාගම් විසින් බලහත්කාරයෙන් එවනු ලබන වෙළඳ දැන්වීම් කෙටිපණිවිඩ නතර කිරීම සඳහා පාරිභෝගිකයාට මෙමගින් අයිතිය හිමිවන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සඳහන් කරනවා.

 

අදාළ ඉවත් වීමේ පහසුකම පාරිභෝගිකයන්ට නොමිලේ ලබාගැනීමට හැකි බවයි සඳහන් වන්නේ.

 

මෙවන් පණිවුඩ බාධා කරන බවටත් සමහර පණිවුඩවලට මුදල් අය කිරීමක් සිදුවන බවටත් පාරිභෝගික ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගෙන තිබෙනවා.

 

ලබන මාර්තු මාසයට පෙර මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

 

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට කෙටි පණිවිඩ ඔස්සේ ඔවුන්ගේ ඡන්ද ප්‍රචාරණ කටයුතු සිදු කිරීමටද නොහැකි වනු ඇති.

 

පාරිභෝගිකයන්ගේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන මුදල් අය කරනු ලබන එවන් පණිවිඩද වහා නවතන ලෙස සභා කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

 

මෙම නියෝගය සඳහා සියලු දුරකතන ජාල කැමැත්ත පළකර ඇති බවයි වාර්තාවන්නේ.

views

1583 Views

Comments

arrow-up